Sunday, April 20, 2025
Home » බිරිඳ මරා ගේ පිටු පස වැළලූ සැමියා අත්අඩංගුවට

බිරිඳ මරා ගේ පිටු පස වැළලූ සැමියා අත්අඩංගුවට

by yasara
October 25, 2023 11:58 am 0 comment

තම විවාහක බිරිඳ ඝාතනය කර වළ දැමූ සැමියෙක් ගැන පුවතක් මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයෙන් වාර්තා වෙයි

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ මුලතිව්  මුල්ලෙවලෙයි වාප්පිඩ්ඩි ප්‍රදේශයේ  පදිංචි 23 හැවිරිදි ටී.ගීතා නම් කාන්තාවකි.

මෙම කාන්තාව මුලතිව් කුමරපුරම් ප්‍රදේශයේ තරුණයෙකු සමග විවාහ වී තිබෙයි

විවාහයෙන් දින කිහිපයකට පසු නව යුවළ කුලී පදනම මත ගත් නිවසකට පදිංචියට ගොස් තිබෙයි

විවාහයෙන් පසු නිතර තම මව සමඟ කතා බහ කිරීම ගීතාගේ පුරුද්දක් වී තිබිණි

නමුත් පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා සිට දින ගණනාවක් තම දියණියගෙන් දුරකථන ඇමතුමක් මවට නොලැබී තිබිණි

ඇය දියණියගේ දුරකථනයට ඇමතුම් ගත්ත ද එහ විසන්ධි කර තිබිණි

මේ හේතුවෙන් මව දියණිය සිටි නිවසට ගොස් පරීක්ෂා කර තිබෙයි

එහෙත් ඒ වන විටත් නිවසේ කිසිවෙකු නොසිටිය නිසා ඇති වූ සැකය මත දියණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මුල්ලියාවෙලි පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.

මේ අතර එම නිවස පිටත අලුතින් කපා වසා ඇති වළක් පිළිබඳව ද ඇයට සැකයක් ඇති වී තිබෙයි

මේ සැකයක මත පොලිසිය විසින් අදාළ සැමියා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ වලදී වළ දැමූ බිරිඳගේ සිරුර සොයා ගෙන තිබෙයි.

මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ‍ මුල්ලියාවේලි පොලීසිය විසින් නිවස පිටුපස කපා තිබු වළ හාරා පරීක්ෂා කිරීමේදී, වළ දමා තිබු මියගිය කාන්තාවගේ මළ සිරුරු සොයාගැනීමට සමත් වුණි.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතය.

මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ‍ මුල්ලියාවේලි පොලීසිය විසින් නිවස පිටුපස කපා තිබු වළ හාරා පරීක්ෂා කිරීමේදී, වළ දමා තිබු මියගිය කාන්තාවගේ මළ සිරුරු සොයාගැනීමට සමත් වුණි.

ප්‍රදේශවාසීන් පැවසූවේ මියගිය කාන්තාව හා ස්වාමිපුරුෂයා මීට වසර දෙකකට පමණ පෙර විවාහ වී ඇති අතර, කලෙක පටන් දෙදෙනා අතර යම් යම් ආරවුල් පැවති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT