Home » සුළු හා මධ්‍ය ව්‍යවසායකයන්ට ණය යෝජනා ක්‍රමයක්

සුළු හා මධ්‍ය ව්‍යවසායකයන්ට ණය යෝජනා ක්‍රමයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො.මිලියන 165ක්

by mahesh
October 25, 2023 1:00 am 0 comment

සමන්මලී ප්‍රියශාන්ති

සිය ව්‍යාපාර සඳහා අරමුදල් සපයා ගැනීමට නොහැකි ව්‍යවසායකයන් වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩිදියුණු කිරීමේ නව මූල්‍ය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

මේ ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති අතර මේ ණය මුදල ලබා ගැනීම සඳහා අදාළ ගිවිසුම්වලට එළැඹීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුමැතිය පළ වී තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 165ක මූල්‍ය සහාය සහිතව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහනදායී පොලී අනුපාතයන් යටතේ ආයෝජන සහ කාරක ප්‍රාග්ධන ණය සැපයීම සඳහා රජය මඟින් “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එසේම බැංකු මඟින් මුදල් ප්‍රවාහය මත පදනම් වූ ණය ලබාදීම්වලට වඩා ඇපකර මත පදනම් වූ ණය ලබාදීමට ප්‍රමුඛතාව දැක්වීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මුහුණපෑමට සිදුව ඇති ගැටලුවලට පිළියමක් වශයෙන් ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබේ. එසේ තිබියදී සිය ව්‍යාපාර සඳහා අරමුදල් සපයා ගැනීම තවදුරටත් දුෂ්කර වී ඇති ව්‍යවසායකයන් වෙනුවෙන් මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT