මහනුවර ජාතික රෝහල් භූමියට අයත් ඉඩම් අක්කර 29ක පමණ භූමි ප්‍රමාණයක අනවසර පදිංචිකරුවන් 201 දෙනකු පදිංචිව සිටින බවත් මේ හේතුවෙන් රෝහලේ සංවර්ධන කටයුතුවලට විශාල බාධාවක් වී තිබෙන බවත් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
රෝහල සතු අක්කර 58ක භූමි ප්‍රමාණයෙන් මේ වන විට රෝහල සතුව පවතින්නේ අක්කර 28ක පමණ කොටසක් පමණත් බව ද ඇය කීවාය. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අධ්‍යක්ෂවරිය මේ බව ප්‍රකාශ කළාය.
අනවසර පදිංචිකරුවන් 07 දෙනකුට එරෙහිව අධිකරණය මඟින් නෙරපුම් නියෝග ලබාගත් බවත් ඉදිරියේදී සෙසු පිරිස සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගන්නා බවත් ඇය පැවසුවාය.
සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට මහාචාර්ය රංජිත් බණ්ඩාර, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු මහජන නියෝජිතයන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු රජ්‍ය නිලධාරීහු ද සහභාගි වූහ.