Sunday, April 20, 2025
Home » පාණදුර රාජකීය විදුහලේ ජයවිගෙන් නව තරග වාර්තාවක් – සමස්ත ලංකා පාසල් ක්‍රීඩා

පාණදුර රාජකීය විදුහලේ ජයවිගෙන් නව තරග වාර්තාවක් – සමස්ත ලංකා පාසල් ක්‍රීඩා

by sachintha
October 24, 2023 12:17 am 0 comment

 

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළේ අවසන් අදියර වන මලල ක්‍රීඩා උලෙළේ පළමු නව තරග වාර්තාව පිහිටුවීමට පාණදුර රාජකීය විද්‍යාලයේ ඩබ්ලිව්.ජයවි රන්හිද අල්විස් සමත් විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (23) ආරම්භ වූ සමස්ත ලංකා පාසල් කමලල ක්‍රීඩා උලෙළේ පළමු දිනයේදී අවසන් තරග වශයෙන් ඉසව් 8ක් නිමාවට පත්වූ අතර, අවුරුදු 20න් පහළ යගුලිය දැමීමේ ඉසව්වෙන් මීටර් 16.44ක දක්ෂතාවක් දැක්වූ පාණදුර රාජකීය විද්‍යාලයේ ඩබ්ලිව්.ජයවි රංහිද අල්විස් එම නව තරග වාර්තාවට හිමිකම් කීය.

මධ්‍යම, උතුර, ඌව, සබරගමුව, උතුරුමැද, වයඹ, නැඟෙනහිර, දකුණ සහ බස්නාහිර පළාත් 9ක් යටතේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000කට අධික පිරිසක් සහභාගි වන මේ මලල ක්‍රීඩා උලෙළට අවුරුදු 12න් පහළ, 14න් පහළ, 16න් පහළ, 18න් පහළ සහ 20 න් පහළ බාලක සහ බාලිකා ඉසව් 200 කට වැඩි ප්‍රමාණයක තරග ඇතුළත්ය.

රන් පදක්කම්ලාභීන්

බාලක

ටී.නිමුතු ඕෂධ ප්‍රනාන්දු (මාරිස්ටෙලා විද්‍යාලය, මීගමුව – මීටර් 4.20 – රිටි පැනීම අවුරුදු 20න් පහළ)

කේ. පාකිර්ජන් (මඩකලපුව/කළුතාවලෙයි ම.ම.වි. – මීටර් 1.69 – උස පැනීම අවුරුදු 14න් පහළ)

ඩබ්ලිව් ජයවි රන්හිද අල්විස් (පාණදුර රාජකීය විද්‍යාලය – මීටර් 16.44 – බාලක 20න් පහළ යගුලිය දැමීම)

ඒච්.පී.ඩී.එස්. කුමාර (ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව – මීටර් 62.74 – හෙල්ල විසිකිරීම අවුරුදු 18න් පහළ)

බාලිකා

කේ.එම්.මහේෂි කුලසේකර (මහමායා බාලිකා විද්‍යාලය, මහනුවර – මීටර් 31.13 – අවුරුදු 16න් පහළ කවපෙත්ත විසිකිරීම)

කේ.ඒන්.ඩබ්ලිව්. කරුණාරත්න (තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ – මීටර් 11.08 – අවුරුදු 20න් පහළ යගුලිය දැමීම)

ඔෂිනි කොඩිකාර (වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය – මීටර් 11.82 – අවුරුදු 18න් පහළ තුන් පිම්ම)

එම්. දිල්කි නෙහාරා (පොතුපිටිය මහා විද්‍යාලය – මීටර් 5.54 – 16න් පහළ දුර පැනීම)

 

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT