Home » බිෂන් සිං බේඩි මෙලොවින් සමු ගනී

බිෂන් සිං බේඩි මෙලොවින් සමු ගනී

by sachintha
October 24, 2023 12:00 pm 0 comment

ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් නායකයකු වූ බිෂන් සිං බේඩි ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 77 හැවිරිදි වියෙහි පසුවූ බිෂන් සිං පසුගිය කාලයේ විවිධ රෝගාබාධ රැසකට ගොදුරු වී සිටියේය. ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නකු ලෙස සැලකෙන බිෂන් සිං ටෙස්ට් තරග 67කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී දවාගත් කඩුලු සංඛ්‍යාව 266කි. හෙතෙම ටෙස්ට් තරග 22කට නායකත්වය ලබා දී තිබේ. ඔහු 1966 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අතර, අවසන් ටෙස්ට් තරගය වූයේ 1979 දී එංගලන්තයට එරෙහිව ලන්ඩන් නුවර ඕවල් පිටියේ පැවැති ටෙස්ට් තරගයයි. ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේ 1969 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව කල්කටා නුවර පැවැති ටෙස්ට් තරගයේ ලකුණු 98කට කඩුලු 7ක් දවාලීමය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT