නුවරඑළිය දිශාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජේ. ඒ. උපාලි ප්‍රියන්ත ජයසිංහ මහතාගේ වසර 39 ක සේවා කාලය අවසන් කරමින් විශ්‍රාම ගැනීමේ උත්සවය 21 වැනි දින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයේදී නුවරඑළිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජේ.ඒ. උපාලි ප්‍රියන්ත ජයසිංහ මහතා 1984 වර්ෂයේ උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පොලිස් සේවයට බැඳී වසර 39 ක සේවා කාලය නිමා කරමින් නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කළ සේවාව අගයමින් පොලිස් උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව සභාව ආමන්ත්‍රණය කළ නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කතාවේදී බොහෝසෙයින් හැඟුම්බර වෙමින් සංවේදී වන අයුරු දක්නට ලැබුණි.
හැටන් රංජිත් රාජපක්ෂ