Home » 34 වැනි අලුත් සහල් මංගල්‍යයේදී ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්ප උපහාර

34 වැනි අලුත් සහල් මංගල්‍යයේදී ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්ප උපහාර

by sachintha
October 24, 2023 1:00 am 0 comment

බත බුලතින් පිරි ස්වයංපෝෂිත හෙටක් උදෙසා ගල්ඔය මහා වාරිමාර්ග වම් ඉවුර සහ දකුණ ඉවුර ගොවි සංවිධාන එකමුතුවෙන් 34 වැනි වරටත් සංවිධානය කරන ලද අලුත් සහල් මංගල්‍යය සහ සර්ව ආගමික උත්සවය ඉගිණියාගල ඩී.එස්.සේනානායක සමුද්‍රය අබියසදී අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා සවස සිදු කෙරිණි.
ගල්ඔය ව්‍යාපාරයේ නිර්මාතෘ ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට අම්පාර දිස්ත්‍රික් ලේකම්තුමා විසින් පුෂ්ප උපහාර දැක්වීමෙන් අනතුරුව සර්ව ආගමික වතාවත් සම්ප්‍රදායානුකූලව ආරම්භ කළහ. මෙම අවස්ථාවට අම්පාර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය ඇතුළුව දමන ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. ඒ.කුමාරි මහත්මිය, දමන සහකාර ප්‍රාදේශීය ලේකම් ජානක චාමර මහතා, අම්පාර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ සුදත් ගමගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවි ජනතාව සහභාගී වූහ.

දමන සමූහ – කේ.ඒ.මෛත්‍රීපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT