334
රුපියල් මිලියන 12ක වටිනාකමකින් යුත් පැයකට රුධිර සාම්පල් 550ක් එකවර පරීක්ෂා කළ හැකි යන්ත්‍රයක් දිස්ත්‍රික් 306 C – 1 මාතලේ දිස්ත්‍රික් සිංහ සමාජය විසින් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලට පිරිනැමීම ඉකුත් 21 වැනිදා සිදු කෙරුණි. මෙම යන්ත්‍රය සියලු පහසුකම් සහිතව ඉදිරි නඩත්තු කටයුතු සමඟින් පරිත්‍යාගය රෝහල වෙත නිල වශයෙන් පිරිනැමීම වත්මන් දිස්ත්‍රික් සිංහාධිපති පන්ථක දාබරේ මැතිතුමා ප්‍රමුඛ හිටපු සිංහාධිපති අමල් පුස්සැල්ලගේ මහතා, මාතලේ දිස්ත්‍රික් Golden cave elite සිංහ සමාජයේ වත්මන් සභාපති ප්‍රසන්න ජයවීර මහතා හා සියලු සිංහ සාමාජිකයන් අතින් සිදු කෙරුණි.
සීගිරිය විශේෂ