Home » බඳින තුවක්කුවක් පත්තු වී දරුවෙක් තුවාල ලබයි

බඳින තුවක්කුවක් පත්තු වී දරුවෙක් තුවාල ලබයි

by yasara
October 24, 2023 1:15 pm 0 comment

සිය නිවස පිටුපස ඇති කැලෑ ප්‍රදේශයට මිතුරන් කිහිප දෙනෙක් සමඟ ඉනි කැපීමට ගිය 15 හැවිරිදි දරුවෙකු සතුන්ට අටවා තිබුණු බදින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මීගලෑව පොලිසිය සඳහන් කරයි. ඊයේ (23) සවස් කාලයේ මෙම අනතුර සිදු වී ඇත

තුවාල ලැබූ මෙම දරුවා මීගලෑව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා තඹුත්තේගම රෝහලට මාරුකර යවා ඇත.

මෙම ගිනි අවිය සතුන් දඩයම් කිරීමට අටවන ලද පුද්ගලයින් සොයා විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT