Home » හලාවතදී හිමිනමකට පහරදී ලක්ෂ 48ක යූරෝ හා රුපියල් පැහැරගෙන

හලාවතදී හිමිනමකට පහරදී ලක්ෂ 48ක යූරෝ හා රුපියල් පැහැරගෙන

by sachintha
October 24, 2023 1:00 am 0 comment

හලාවත සුපිරි වෙළෙඳ සැලක් තුළදී හිමිනමකට පුද්ගලයකු පහර දෙන අයුරු මේ වන විට සමාජ මාධ්‍ය දැඩි ලෙස කතාබහට ලක් වෙමින් තිබේ. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කරවිටාගරේ ධම්මකිත්ති නමැති හිමිනමක් වන අතර, මේ හිමිනම හලාවත කරවිටාගාර විහාරස්ථානයේ හා ඉතාලියේ
විහාරස්ථානයක වාසය කරයි.
පසුගිය 21 වැනි දින පස්වරු 02ට පමණ මේ පහරදීම සිදුව ඇති බව මේ හිමිනම හලාවත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. මේ පහරදීම සිදු කරන පුද්ගලයා මේ හිමිනමගේ ගමන් මල්ල පැහැරගෙන යන අයුරු ද කෑමරාවල සටහන්ව ඇත. මේ ගමන් මල්ලේ රුපියල් ලක්ෂ 48ක වටිනාකම ඇති යූරෝ මුදල් නෝට්ටු හා ශ්‍රී ලංකා රුපියල් තිබූ බවට පැමිණිල්ලේ සඳහන්ව ඇත. මේ මුදල් රැගෙනවිත් ඇත්තේ ඉතාලියට යැවීම සඳහා කිසියම් පුද්ගලයෙකුට දීමට බව ද වාර්තා වේ.
මේ හිමිනම පසුගිය 23 වැනි දින නැවත ඉතාලියට යාමට නියමිතව තිබී ඇත.
හිමිනමට පසුගිය කාලයේ දිගින් දිගටම කාන්තාවකගෙන් බලපෑම් තිබූ බවට ද තොරතුරු ලැබී තිබේ. මේ පහරදීම හා මංකොල්ලකෑම පිටුපස එම සිදුවීම තිබේ දැයි පොලිසිය සැක කරයි. හලාවත මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ප්‍රසාද් පූර්ණමාල්
පුත්තලම දිසා සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT