Sunday, April 20, 2025
Home » ලංවිමය ප්‍රතිව්‍යුහගත කරන යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

ලංවිමය ප්‍රතිව්‍යුහගත කරන යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

by sachintha
October 24, 2023 1:01 am 0 comment

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි බිල මින් ඉදිරියට මාස 03කට වරක් සංශෝධනය කිරීමේ යන්ත්‍රණයක් සකස් කරනවා.
පසුගිය සතියේ මහජන උපයෝගිතා කොමිසම විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඔක්තෝම්බර් 21 වැනිදා සිට, ඉදිරි මාස කිහිපය සඳහා පැවති ගාස්තු සංසන්දනය කර සියයට 18කට ආසන්න සංඛ්‍යාවකින් ගාස්තු සංශෝධනය කළා.

මෙම මිල සංශෝධනය සඳහා රජය තීරණය කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම අනුවයි. ඊට අනුව කිසිම රාජ්‍ය ව්‍යාපාරයක් මහා භාණ්ඩාගාරය මඟින් මුදල් ආයෝජනය කර එහි අලාභ පියවීමට හැකියාවක් නැහැ. ඒ අනුව විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව සඳහා විශේෂ මිල සූත්‍රයක් සකස් කෙරුණා.

එසේම විදුලිබල මණ්ඩලයට ගාස්තු සංශෝධන කළ හැකි වන්නේ, අවුරුද්දට දෙවතාවක් පමණක් බවට සමාජයේ වැරදි මතයක් තිබෙනවා. නමුත් හදිසි අවස්ථාවලදී ගාස්තු සංශෝධන කරන ලෙස ඉල්ලීමේ හැකියාව විදුලිබල මණ්ඩලයට තිබුණා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා හිමිවුණේ ඒ අනුවයි.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන අපගේ යෝජනා නීති කෙටුම්පත් කාර්යාලයට ලබා දුන්නා‍. නීති කෙටුම්පත් කාර්යාලය එය සකස් කර නීතිපතිවරයාට යොමු කර තිබෙනවා.

මෙම සතිය තුළ ඒ සඳහා අවශ්‍ය නිෂ්කාශනය ලබාදීම සඳහා කටයුතු කරන බව පසුගිය අඟහරුවාදා නීතිපතිවරයා මා වෙත දැනුම් දුන්නා. ඒ අනුව එළැඹෙන සතියේ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මේ වන විට අධික වැසි තත්ත්වයක් ඇතිව තිබෙන නිසා ගාස්තු සංශෝධනයක් අවශ්‍යද යන්න පිළිබඳව සමාජයේ මතයක් පවතිනවා. මා නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කය වගේම ගාල්ල දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කයත් ගංවතුර තත්ත්වයට මුහුණ දුන්නා.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT