පහළොස්වැනි ආසියානු කලාපීය පාරිසරික තිරසර ප්‍රවාහන සංසදය සහ පළමු ආසියානු පැසිෆික් දුම්රිය සමුළුව මැලේසියාවේදී ආරම්භ විය. රටවල් රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිවුදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්ව සිටී.
ජාත්‍යන්තර දුම්රිය සංගමය, එක්සත් ජාතීන්ගේ ප්‍රාදේශීය සංවර්ධන මධ්‍යස්ථානය,මැලේසියානු ප්‍රවාහන අමාත්‍යාංශය සහ රජය, ආසියානු සංවර්ධන බැංකුව හා එක්ව සංවිධානය කරනු ලබන “පළමු ආසියා පැසිෆික් දුම්රිය සමුළුව” සඳහා විශේෂ ආරාධිතයකු ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්විය.
ලෝකයේ රටවල් රැසක නියෝජිතයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මේ මස 26 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී මෙම සමුළුව පැවැත්වේ.