Sunday, April 20, 2025
Home » මත්ද්‍රව්‍ය රටට ගෙන ඒම අවහිර කරන්න – මල්වතු-අස්ගිරි මහ නාහිමිවරු ගුවන් හමුදාපතිගෙන් ඉල්ලති

මත්ද්‍රව්‍ය රටට ගෙන ඒම අවහිර කරන්න – මල්වතු-අස්ගිරි මහ නාහිමිවරු ගුවන් හමුදාපතිගෙන් ඉල්ලති

by sachintha
October 24, 2023 1:02 am 0 comment

 

මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිදුවීම් නිරන්තරව වාර්තා වන බවත් මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඒකාබද්ධව වැටලීම් සිදු කිරීම වැදගත් බවත් මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඊයේ (23) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහා විහාරවලට ගොස් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මේ බව පැවසූහ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට බොහෝ විට භාවිත කරන්නේ මුහුදු මාර්ගය බවත් මේ නිසා එම මාර්ග අවහිර කිරීම අතිශයින් වැදගත් බවත් උන්වහන්සේලා ප්‍රකාශ කරති.

මෙහි දී අදහස් දැක්වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදාව නිරන්තරව ගුවනේ සිට අවේක්ෂණ කටයුතු සිදු කරමින් නාවික හමුදාවට වැටලීම් සඳහා අවශ්‍යය තොරතුරු ලබා දෙන්නේ යැයි පැවසුවේය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT