Home » නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකයේ අඩි 40ක ෂීට් ෆයිල් ඉවත් කිරීම අරඹයි

නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකයේ අඩි 40ක ෂීට් ෆයිල් ඉවත් කිරීම අරඹයි

by sachintha
October 24, 2023 1:00 am 0 comment

නිල්වලා ගඟ පිටාර ගලා යමින් ඇති වන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ජලය කඩිනමින් බැස යෑමට හැකිවන පරිදි නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකයේ අඩි 40ක ෂීට් ෆයිල් ඉවත් කිරීමේ කටයුතු පෙරේදා (22 ) ආරම්භ කෙරිණි.

අඩි 40ක ප්‍රමාණයක ෂීට් ෆයිල් ඉවත් කිරීම සඳහා පෞද්ගලික සමාගමක් සමඟ ගිවිසුම් ගත වී ඇත. අතුරු ඇළ මාර්ගය ද පුළුල් කිරීමේ කටයුතු මේ සමඟම ආරම්භ කර තිබේ. මේ කර්මාන්තය සඳහා වැයවන මුදල රුපියල් මිලියන 6.2කි. ජල සම්පාදන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ යුද හමුදාව අධීක්ෂණ කටයුතු කරයි.

අකුරැස්ස සිට මාතර දක්වා වූ නිල්වලා ගඟ දෙපස කුඹුරු හිමියන්ගේ කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන් යට වී විනාශයට පත්වීමෙන් ගොවි ජනතාව මහත් අසීරුතාවට පත්වන බව ගොවින් පවසා තිබුණි. එම ඉල්ලීම් සලකා බලා කඩිනමින් ජලය බැසයෑමට ලවණ බාධකයේ කොටසක ෆයිල් ඉවත් කර දෙන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා විසින් අදාළ වගකිවයුතු අංශ දැනුම්වත් කිරීමෙන් පසු ඒ සඳහා අදාළ පාර්ශ්වවල අනුමැතිය ලබාදීමෙන් අනතුරුව මෙය ආරම්භ කෙරිණි.

මේ ප්‍රමාණයට ෂීට් ෆයිල් 30ක් ඉවත් කළ යුතුව ඇත. මේ සඳහා විදුලි උපකරණ භාවිතා වන බැවින් ඉදිකර ඇති ෆයිල්වලට ඉහළ මට්ටමකින් ජලය ගලා බසින නිසා ෆයිල් 80ක් වටේට සවිකර ඇතුළේ ඇති ජලය ඉවත් කර ෆයිල් ගලවා ඉවත් කිරීමට සිදුව ඇති බව සමාගමේ අධ්‍යක්ෂ සම්පත් මහතා පවසයි.

විජිත සල්ගාදු – අකුරැස්ස මධ්‍යම විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT