Home » කෝවිල් 21 ක මුදල් හා භාණ්ඩ සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

කෝවිල් 21 ක මුදල් හා භාණ්ඩ සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

by yasara
October 24, 2023 10:24 am 0 comment

මධ්‍යම හා ඌව පළාතට අයත් හින්දු කෝවිල් 21ක් බිද රන් ආභරණ හා පිං කැට මුදල් කොල්ලකෑ පුද්ගලයෙකු ඊයේ  (22) දින නුවරඑලිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙයි.

මෙම පුද්ගලයා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන මස (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නුවරඑළිය මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මහත්මිය නියෝග කලාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නුවරඑලිය අඹේවෙල වත්ත බොරගස් ප්‍රදේශයේ පදිංචි මුත්තුසාමි රගුනාදන් (අවු 43)යන අයයි.

සැකකරු සමග සොරකම් කරන ලද රන් භාණ්ඩ මිලදී ගත් තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත කර ඇත.

ප්‍රධාන සැකකරුගෙන් රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයන් දෙදෙනාට ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙයි

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එම කොවිල් වල සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ පරික්ෂණ පැවැත් වු නුවරඑලිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වුවෙකු බවද නුවරඑලිය පොලිසිය පැවසිය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT