Home » බංගලාදේශයේ දුම්රිය අනතුරකින් 17 ක් මරුට

බංගලාදේශයේ දුම්රිය අනතුරකින් 17 ක් මරුට

by yasara
October 24, 2023 11:31 am 0 comment

බංග්ලාදේශයේ දුම්රිය අනතුරක් හේතුවෙන් මගීන් 17 දෙනෙකුට ජිවිත අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් හා මගී ප්‍රවාහන දුම්රිය එකිනෙක ගැටී මෙම අනතුර සිදු වී තිබෙයි

අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බලධාරීන් සදහන් කරනවා.

භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඉදිරියෙන් ගමන් කරමින් තිබු මගී ප්‍රවාහන දුම්රියේ පිටුපස මැදිරියේ ගැටී ඇති බවයි දුම්රිය බලධාරීන් සදහන් කරයි

දුම්රිය මාර්ග සංඥාවල දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT