Monday, April 21, 2025
Home » ඉරාන විදේශ ඇමැති ඊශ්‍රායලයට අනතුරු අඟවයි

ඉරාන විදේශ ඇමැති ඊශ්‍රායලයට අනතුරු අඟවයි

by sachintha
October 24, 2023 1:00 am 0 comment

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නතර නොකරන්නේ නම් මැදපෙරදිග කලාපය පාලනයෙන් මිදීමට ඉඩ ඇතැයි ඉරානයේ විදේශ ඇමැති හොසේන් අමිර් ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හමාස් සංවිධානය තුරන් කළ යුතු බව නිවේදනය කිරීම සහ ගාසා තීරයට අඛණ්ඩව රොකට් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව මෙන්ම ඊශ්‍රායලයට හමුදා ආධාර සැපයීම සම්බන්ධව ද අමෙරිකාවට දොස් පවරා ඇති ඉරාන විදේශ ඇමැතිවරයා ඊශ්‍රායලයට මෙන්ම අමෙරිකාවට ද අනතුරු අඟවා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ගාසා තීරයේ මනුෂ්‍යත්වයට හා ජන සංහාරයට එරෙහි අපරාධ වහාම නතර නොකළහොත් ඕනෑම මොහොතක ඕනෑම සිදුවීමක් මැදපෙරදිග සිදුවිය හැකි බවත්, එම කලාපය පාලනයෙන් මිදෙනු ඇති බවත් ඉරාන විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT