Home » නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

by yasara
October 24, 2023 4:02 pm 0 comment

ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටියි.

අද අක්තපත්‍ර භාරදුන් තානාපතිවරුන්ගේ නම් පහත දැක්වෙයි.

  1. අතිගරු ආචාර්ය සිරි වොල්ෆ් මහත්මිය – ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනිය
    H.E. Dr (Ms) Siri Walf – Ambassador of Switzerland in Colombo
  2. අතිගරු කාමන් මොරෙනෝ මහත්මිය – ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනිය
    H.E.Ms. Carmen Moreno – Ambassador of the European Union in Colombo
  3. අතිගරු ආචාර්ය ඇලිරෙසා ඩෙල්කොෂ් මහතා -ශ්‍රි ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති
    H.E Dr. Alireza Delkhosh –      Ambassador of the Islamic Republic of   Iran in Colombo

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT