සෞඛ්‍ය – වෛද්‍ය රමේෂ් පරිසර – කෙහෙළිය වැවිලි – අමරවීර සියඹලාපිටියට කැබිනට් නොවන ඇමැති ධුරයක්
කැබිනට් අමාත්‍ය ධුර තුනක් සඳහා පත් කෙරුණු අමාත්‍යවරු තිදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (23) දිවුරුම් දුන්හ.
පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහත්වරු පත් කෙරිණි. මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ ඔහු දැනට දරන කෘෂිකර්ම අමාත්‍ය ධුරයට අමතරවය. වෛද්‍ය රමේෂ් පතිරණ මහතා දැනට කර්මාන්ත අමාත්‍ය ධුරය දරන අතර ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබේ. ඒ මහතා දැරූ වැවිලි අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී තිබේ.
දැනට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.
නව අමාත්‍යවරුන් දිවුරුම් දෙන අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද සහභාගි විය.
ශිරෝමි අබයසිංහ