Sunday, April 20, 2025
Home » වී තොග අතුරුදන්වීමක් – කෘෂිකර්ම ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

වී තොග අතුරුදන්වීමක් – කෘෂිකර්ම ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

by chanaka
October 23, 2023 4:20 pm 0 comment

වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක වී තොග අතුරුදන්වීම සම්බන්ධව දින තුනක් තුළ වාර්තාවක් සපයන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දෙයි.

කුරුණැගල දිස්ත්‍රික්කයේ අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක 2020 හා 21 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිල දී ගත් වී එම කාලයේ දී අතුරුදන් වීමක් සිදු වී ඇති බවට වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවකයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිළි කරනු ලැබීය.

මෙම වී තොග අතුරුදන්වීමට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවල සිටින ඇතැම් නිලධාරින්ද සම්බන්ධ බවට ද තොරතුරු ලැබී ඇත.එම සේවකයින් පවසා ඇත.

නිකවැරටිය, පොල්ගහවෙල, මහව ඇතුළු ගබඩා පහක මිල දී ගන්නා ලද වී තොග මෙසේ අඩු වී ඇති අතර මෙම වී තොගවල සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 1000කට ආසන්න වේ.

මෙම වී ‌‌ෙතාගවලට සිදුවූයේ කුමක්ද? යන්න පිළිබඳව තමන්ට දින තුනක් තුළ වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දෙනු ලැබීය.

මෙම වී තොග සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය හා අපරාධ විමර්ශණ අංශය මගින් විධිමත් විමර්ශණයක් ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයාට සම්පූර්ණ වාර්තාවක් දින තුනක් තුළ ලබා දීමට කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT