විදෙස් අධ්‍යාපන පහසුකම් සැලසීමේ විසි වසක අත්දැකීම් ඇති QIB Campus මගපෙන්වීම යටතේ නැගෙනහිර යුරෝපයේ, ආර්මේනියා රාජ්‍යයේ ප්‍රධානතම රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලය වන යෙරේවාන් රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා පිටත්වන ශ්‍රී ලාංකීය සිසුන් හට ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී සාර්ථක ලෙස පැවැත්විණ.
අයදුම්කරුවන් 2000ට අධික සංඛ්‍යාවකින් තෝරාගන්නා ලද 100 දෙනෙකුට මෙවර යෙරේවාන් රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලය මගින් වෛද්‍ය සිහිනය සැබෑ කරගැනීමට හැකිවනු ඇත. අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සම්මාන දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් හෝ ඊට වැඩි සිසු සිසුවියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර මෙවර උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද බැවින් ඔක්තෝබර් 30 වැනි දින දක්වා ඉල්ලුම් කර ප්‍රවේශ විභාගයට පෙනී සිටීමට QIB Campus මගින් අවකාශය ලබා දී ඇත. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ඔක්තෝම්බර් 30 දක්වා දීර්ඝ කර ඇති අතර 2023 අධ්‍යයන වසර සඳහා පිටත්වීම නොවැම්බර් 15 වැනිදාට යොදා ඇත.
යෙරේවාන් රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පස් අවුරුදු උපාධි පාඨමාලාව සහ එක් අවුරුදු සීමාවාසික පුහුණුව සපුරන සිසුන්ට ආර්මේනියාවේ රජයේ වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් ඩොලර් 2500කට වැඩි මාසික වැටුපක් ලබාගත හැකිය. ඊට අමතරව ඇමෙරිකාව, කැනඩාව, බි්රතාන්යය, ඕස්ටේ්රලියාව ඇතුළු ඕනෑම විදෙස් රටවල හෝ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කිරීමේ අවස්ථාව අදාල නිර්ණායක මත ලබාගත හැකිය.ආර්මේනියා වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගනු ලබයි.
හෝමාගම ගොඩගම පිහිටි ක්වීන්ස් ඉන්ටර්නැෂනල් බිස්නස් කැම්පස් QIB Campus (www.qibcampus.com) මේ වන විට සිසුන් 3000ට අධික පිරිසකට විදෙස් උපාධි සහ රැකියා සිහින සැබෑ කරගැනීමට පිටිවහලක් වී ඇත. විෂය ක්ෂේත්‍ර ගණනාවකින් ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමටත් උපාධි පාඨමාලාවල පළමු හා දෙවන වසර අධ්‍යයන කටයුතු මෙරට දී හෝ සිංගප්පූරුවේ දී හදාරා අවසන් වසර සිංගප්පූරුව, එංගලන්තය, කැනඩාව, හෝ ඕස්ටේ්රලියාව වැනි රටක දී අවසන් කිරීමටත් QIB Campus මගපෙන්වීම යටතේ හැකිවේ. සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම නංවාලීම සඳහා නොමිලේ ඉංග්‍රීසි පාඨමාලා පැවැත්වීම ද QIB Campus හි විශේෂත්වයකි. වැඩිදුර විස්තර සඳහා 0787 855 855 හෝ 0729 855 855 අංක අමතන්න.