Home » කටාර් සිට පැමිණි ගෘහ සේවිකාවක් ගුවන් යානය තුළම මිය යයි

කටාර් සිට පැමිණි ගෘහ සේවිකාවක් ගුවන් යානය තුළම මිය යයි

by yasara
October 23, 2023 2:33 pm 0 comment

කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක සිය සේවා කාළය නිමා කර ,  ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී , ගුවන් යානය තුළම මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

ඇය මොරටුව , කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුගේ ප්‍රියංගිකා දිල්හානි ප්‍රනාන්දු නැමැති 40 හැවිරිදි අවිවාහක  කාන්තාවකි .

ඇය අද (23) අලුයම 01.17 ට  කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , එම  ගුවන් යානය ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබිය  දී  මෙම මරණය සිදු වී තිබේ .

ඉන්පසුව මෙම මළසිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේත් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු සහ පොලිස් කොස්තාපල් 98085 මධුවන්ත යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT