Home » ලංකා ආර්ථිකය ගොඩනැගීමට හමුදාවේ තාක්ෂණික සොයාගැනීම් ගැන අනාවරණයක්

ලංකා ආර්ථිකය ගොඩනැගීමට හමුදාවේ තාක්ෂණික සොයාගැනීම් ගැන අනාවරණයක්

by chanaka
October 23, 2023 2:31 pm 0 comment

ආරක්ෂක හමුදා නවෝත්පාදනය, තාක්ෂණික සොයාගැනීම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේදී ඉවහල්වන බව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පවසයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති “Techno 2023” ජාතික ඉංජිනේරු සහ තාක්ෂණ ප්‍රදර්ශනයේ දෙවන දිනයේ (19) සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපතිවරයා සහභාගී විය.

ගුවන් නියමුවෙකු සහ වෘත්තිය ඉන්ජිනේරුවෙකු වන ගුවන් හමුදාපතිවරයා සමාරම්භක කථනයේදි ආරක්ෂක හමුදා නවෝත්පාදනය තාක්ෂණික සොයාගැනීම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිමේදි කෙතරම් දුරට ඉවහල්වනවාද යන්න පැහැදිලි කළේය.

වාර්ෂිකව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය තුලින් අනාගතයේ නවෝත්පාදකයින් බිහිකිරීමට ඉමහත් අස්වැසිල්ලක් වන අතර “Techno 2023” ප්‍රදර්ශනයේ මෙම වසරේ තේමාව වන්නේ ‘ඉංජිනේරු තාක්ෂණය තුලින් ආර්ථිකය ගොඩනැගීම’ යන්නයි. “Techno 2023” යනු හුදෙක් ප්‍රදර්ශනයක් පමණක්ම නොවන අතර එය සංවාදය, දැනුම හුවමාරුව සහ ඉංජිනේරුතාක්ෂණික සහයෝගීතාවය සඳහා සංවිධානය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT