පෞද්ගලික බස් රථ දෙකක් රේස් ගිහින් එක් බසයක් අපරික්ෂාකාරි ආකාරයෙන් ධාවනය කිරීම නිසා රාජකාරියට යමින් සිටි යතුරුපැදි කරුවෙකු බස් රථයේ ගැටීමෙන් මියගොස් ඇති බව වාද්දූව පොලීසිය පවසයි .
බස් රථ දෙකක් තරගයට ධාවනය කරමින් සිටියදී පිටුපසින් ගමන් ගත් මාතර කොළඹ මගී බස් රථය අපරික්ෂාකාරී ලෙස එකවරම දකුණට හැරවීම නිසා මාර්ගයේ දකුණු දෙසින් ගමන් ගත් යතුරු පැදිය එම බස්රථයෙහි දකුණු පැත්තෙ ගැටී යතුරුපැදිකරු මාර්ගයේ ඇදවැටී මාර්ගයේ මැද දූපත් කොටසේ තිබූ කොන්ක්‍රීට් තට්ටුවේ ගැටී සිදුවූ බරපතළ තුවාල නිසා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී වරායේ කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කරන පයාගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු තමන්ගේ යතුරු පැදියෙන් සේවා ස්ථානයට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
බස් රථයේ ගැටුනු යතුරුපැදිකරු මීටර් පහක් පමණ ඇදී යන ආකාරය අසල තිබූ සිසිටිවි කැමරාවක ද සටහන්ව තිබුණි.
බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර , පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත