449
දකුණු පළාතට ඊයේ (22) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි.
මේ අනුව අකුරැස්ස, දෙණියාය, මුලටියන සහ වලස්මුල්ල යන ප්‍රදේශවල බලපෑම් එල්ල වී ඇති පාසල් පමණක් වසා දැමීමට තීරණය කර ඇත
ඇතිවු හදිසි ආපදා තත්ත්වය මත දෙණියාය අධ්‍යාපන කලාපයේ සියලූම පාසල් දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව අද (23) දින නිවාඩු ලබාදුන් බව දෙණියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.
මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මාතර – කොටපොල මාර්ගය කිරිලිපන ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ.