392
කන්තලේ සේරුවිල අල්ල වැලි තොටුපොළේ වැලි කැනීම් කරමින් සිටි පුද්ගලයින් 16 දෙනෙකු ඉකුත් 18 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට සූරියපුර පොලිස් විශේෂ කාර්ය බළකාය හා සූරියපුර පොලිසියේ නිලධාරීහු සමත්ව ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාත්ලේ, මහියංගණ, කන්තලේ වයස අවුරුදු 25 – 50 අතර පුද්ගලයින්ය.
මහවැලි ගඟේ කිලෝමීටර් දෙකක පමණ ප්රමාණයක් මෙසේ වැලි කැපීම නිසා ඉවුර කඩාගෙන ගොස් හානි සිදුවි ඇති අතර, සැකකරුවන් නීති විරෝධීව මෙම වැලි ගොඩ දැමීම සිදුකර ඇති බව වැටලීම් කළ නිලධාරීහු පැවසූහ.
කන්තලේ සමූහ – සුමිත්රා කුමාරිහාමි