480
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියව ඊයේ (20) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා විසින් මහතා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට සිදුකළ පහරදීම හේතුවෙන් බෙල්ලේ ඇතිවු අපහසුතා නිසා රෝහල් ගතවු බව ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.
මෙම සිදුවීම හරහා තමන්ගේ මන්ත්‍රි වරප්‍රාසාද දැඩි ලෙස උල්ඝනය වි ඇති බවත් මෙලෙස කාන්තාවන්ට අපහාස කිරිමට ඉඩදිය නොහැකි බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
ඊයේ සන්ධයා කාලයේ ඇය රෝද පුටුවක ආධාරයෙන් රෝහලේ ඇතුළට කැඳවා ගිය අතර එම අවස්ථාවේ ඇගේ ගෙළ වටා වෙළුම් සවිකර තිබුණි.