Home » චීනයේ ‘සුදු තුරඟ’ බෞද්ධ විහාරයට ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ඇතුළත් විහාර මන්දිරයක් -ජනපති කියයි

චීනයේ ‘සුදු තුරඟ’ බෞද්ධ විහාරයට ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ඇතුළත් විහාර මන්දිරයක් -ජනපති කියයි

by sachintha
October 21, 2023 1:02 am 0 comment

චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථූපයක් ඉදිකිරීමේ කාර්ය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
“සුදු තුරඟ” විහාරස්ථානයේ විහාරාධිපති යින් ලී හිමිපාණන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර බීජිං නුවරදී පෙරේදා (19) පැවති සාකච්ඡාවේදී මේ තීරණයට එළැඹිණ.
“සුදු තුරඟ” විහාර සංකීර්ණයේ ලාංකේය විහාර මන්දිරයේ ඉදිකිරීම් සංකල්පය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන සමයේ ක්‍රියාවට නැංවීම උදෙසා එවකට කථානායක කරු ජයසූරිය මහතා විසින් මුල්ගල් තැබීය.
නමුත් පසුකාලීනව එහි වැඩකටයුතු ක්‍රියාත්මක නොවූ අතර, එම කටයුතු යළි ආරම්භ කරන ලෙසත්, විහාර මන්දිර සැලසුම් අලුතින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. ෆාහියන් භික්ෂුව ලංකාවේ සිට චීනයට රැගෙන ආ බෞද්ධාගමික පාලි ග්‍රන්ථයන්හි පිටපත් මේ විහාර මන්දිරයේ තැන්පත් කිරීමට ශ්‍රී ලංකාවෙන් ලබාදීමට ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT