Home » ඩයනා – සජබ මන්ත්‍රී ගැටුම විමර්ශනයට නි/ කථානායක ප්‍රධානත්වයෙන් කමිටුවක් – කථානායක මහින්ද යාපා

ඩයනා – සජබ මන්ත්‍රී ගැටුම විමර්ශනයට නි/ කථානායක ප්‍රධානත්වයෙන් කමිටුවක් – කථානායක මහින්ද යාපා

by sachintha
October 21, 2023 1:02 am 0 comment

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය හා සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා මහත්වරුන් අතර ඇති වූවා යැයි පැවසෙන සිද්ධිය විමර්ශනයට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් පත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20) පියවර ගත්තේය.

තමා වෙත දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය කථානායකවරයාගේ සභාපතිත්වයෙන් යුක්තව මන්ත්‍රීවරුන් සිව්දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (20) නිවේදනය කළේය.

ඒ අනුව කමිටුවේ සභාපතිත්වයට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පත් කර ඇති අතර, කමිටු සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, (වෛද්‍ය) රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක සහ ඉම්තියාස් බාකීර් මාකාර් මහත්වරුන් පත් කර තිබේ.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT