Home » චීන නිල සංචාරයක නිම කොට ජනපති නැවත දිවයිනට

චීන නිල සංචාරයක නිම කොට ජනපති නැවත දිවයිනට

by yasara
October 21, 2023 9:42 am 0 comment

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එම සංචාරය නිමා කර ඊයේ (20) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

එසේම එතුමා සමග මෙම සංචාරය සදහා සහභාගී වූ දූත පිරිස ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

චීනයේ පැවති ” එක් තීරයක් – එක් මාවතක් ”  වැඩසටහනේ දස වන සංවත්සරයට සහභාගී වීම , ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ චීන ජනාධිපතිතුමා ඇතුළු එරට උසස් නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වීමට ද මෙම ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස කටයුතු කර තිබුණි .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT