Home » උඩුමුල්ල ජයවර්ධන විද්‍යාලයේ සුදු සැරයටි දින සැමරුම ජයටම

උඩුමුල්ල ජයවර්ධන විද්‍යාලයේ සුදු සැරයටි දින සැමරුම ජයටම

by sachintha
October 20, 2023 1:04 am 0 comment

ජාත්‍යන්තර සුදු සැරයටි දිනයට සමගාමීව ගීත රස වින්දනාත්මක වැඩසටහනක් පාදුක්ක උඩුමුල්ල එම්. ඩී. එච්. ජයවර්ධන විද්‍යාලයේදී හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක හේමන්ත ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින පැවැත්වුණි.

05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පසු 06 ශ්‍රේණියට ඇතුළත් වන දරුවකුගේ ජීවිතය ඉදිරියට ගෙන යෑම සඳහා, දරුවන් සඳහා දෙමව්පියන් දැනුවත් කිරීමේ හරබර දේශනයක්ද මෙහිදී පැවැත්වුණි.

සෑම දරුවෙක්ම උපතින් ගෙන එන බහුවිධ බුද්ධි වර්ග 09 ක් වන, වාග් බුද්ධිය, තාර්කික හා ගණිත බුද්ධිය, අවකාශ බුද්ධිය, සංචලන බුද්ධිය, අන්තර් පුද්ගල බුද්ධිය, සංගීත රිද්ම බුද්ධිය, පරිසර බුද්ධිය, ඇතුළාන්ත බුද්ධිය, සහ භව බුද්ධිය, යන අංශයන් යටතේත්, දරුවෙකු පාසල තුළ ඉගෙනීමේදී ඇසෙන්, කනෙන්, සහ ස්පර්ශයෙන්, එනම් නැරඹීමෙන් දැකීමෙන් බොහෝ දේ ආනාවරණය කර ගන්නා දරුවන්ද, ශ්‍රවණය මගින් බොහෝ දේ අනාවරණය කරගන්නා දරුවන්ද, ස්පර්ශය මගින් බොහෝ දේ අතින් අල්ලා සොයා බලා ඉගෙන ගන්නා දරුවන්ද, ඕනෑම පාසලක් තුළ ඉගෙන ගන්නා බවත්, මෙවැනි දරුවන් කෙරෙහි ගුරුවරුන් හා දෙමාපියන් විශේෂ අවධානයක් යොමු කර, ඔවුන්ගේ ඉදිරි ගමන සකස් කිරීම සිදුකළ යුතුයැයි, දෙමව්පියන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ දී හෝමාගම අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක හර්බි කහඳවල මහතා පැවසීය.

මීට අමතරව ගීත රසවින්දනාත්මක වැඩසටහනක් විදුහලේ සංගීත ආචාරිණී රසිකා දමයන්ති මෙනෙවිය විසින් සිදුකෙරුණි,
සුදු සැරයටිය සහ ඉන් කෙරෙන කාර්යය, සම්බන්ධයෙන්ද, සුදු සැරයටියක් අතින් ගත් අයෙකු මාර්ගයේ ගමන් කරන අවස්ථාවේදී අන් පුද්ගලයන් විසින් ගත යුතු ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම, හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක උපසේන මාපටුන මහතා විසින් සිදුකෙරුණි.
විදුහල්පතිනි දිල්හානි විජේවර්ධන මහත්මියගේ ආරාධනයෙන් හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක හේමන්ත ගමගේ, සීතාවක අධ්‍යාපන කොට්ඨාස ගුරු උපදේශක හර්බි කහඳවල, පාදුක්ක අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක සිරියා හපුආරච්චි, හෝමාගම අධ්‍යාපන කලාපයේ හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (විශේෂ අධ්‍යාපන) උපසේන මාපටුන, අරුක්වත්ත අමරසිරි පද්මපෙරුම කණිෂ්ඨ විද්‍යාලයේ විද්‍යාලයේ විදුහල්පති සේමසිරි රණසිංහ, විදුහල්පති දිල්හානි විජේවර්ධන මහත්මිය ඇතුළු විදුහලේ ආචාර්ය මණ්ඩලයද, ආරාධිත අමුත්තෝද, සිසු දරු දැරියෝද, ඔවුන්ගේ මව්පියෝද, සහභාගි වූහ.

පාදුක්ක සමූහ
රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT