සංවිධානාත්මක අපරාධ කල්ලි නායක රමේෂ් මිහිරංග හෙවත් “මන්නා රමේෂ්” අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙත්තු ලබාගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ ක්‍රියාවන් රැසක් සඳහා සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන එල්ලකරමින් මිනීමැරුම්, කප්පම්ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධවල නිරත වන බවට මන්නා රමේෂ්ට චෝදනා එල්ල වී ඇත.
පොලීසිය පවසා ඇත්තේ මේ වනවිට මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙම අපරාධවල නිරතවන බවයි.
මන්නා රමේෂ් මේ වනවිට සිදුකර ඇති මිනිස් ඝාතන, කප්පම්ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකට අදාළ සියලු තොරතුරු සහ සාක්ෂි පොලීසිය විසින් ලබාගෙන ඇති අතර ඒ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත යැවීමට පියවර ගෙන ඇත.
අවිස්සාවේල්ල – තල්දුව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම මන්නා රමේෂ්ගේ නියෝග මත සිදුකර තිබූ බව මේ වනවිට අනාවරණ වී තිබේ.
එසේම, අවිස්සාවේල්ල රත්නපුර ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් මැණික් ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කරමින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගැනීම මන්නා රමේෂ් විසින් ජයටම කරගෙන ගොස් ඇති බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.
මන්නා රමේෂ්ගේ කල්ලියේ ප්‍රධානම ගෝලයා වූ තල්දුවේ මහේෂ් නමැත්තා පොලිස් වෙඩි පහරින් මියයෑමෙන් පසු ඔහු එම මෙහෙයුමට සම්බන්ධවූ පොලිස් නිලධාරීන් සියලුදෙනාට මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.
අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ඔහු සහ පුත්‍රයා ඝාතනය කරන බවටද මන්නා රමේෂ් තර්ජනය කර ඇත.