Home » කුඹුරක මඩ වගුරක තිබී මළ සිරුරක් හමුවෙයි

කුඹුරක මඩ වගුරක තිබී මළ සිරුරක් හමුවෙයි

by yasara
October 20, 2023 11:33 am 0 comment

කුඹුරක මඩ වගුරක එරීමෙන්  මියගොස් සිටී පුද්ගලයකු ගේ මළසිරුරක් අද  (20) උදැසන හමුව  ඇති බව බණ්ඩාරගම පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචි 28 හැව්රිදි නිරෝෂන් කුමාර නමැති  පුද්ගලයකු බව පොලිසිය පවසයි .

මියගොස් ඇති තැනැත්තා පෙරදින සවස් කාලයේ සිට දක්නට නොලැබුන බව ඔහුගේ මව විසින් පැමිණිල්ලක් කර ඇත

මේ සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද පරීක්ෂණ සිදුකරන ලදී .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT