601
කුඹුරක මඩ වගුරක එරීමෙන් මියගොස් සිටී පුද්ගලයකු ගේ මළසිරුරක් අද (20) උදැසන හමුව ඇති බව බණ්ඩාරගම පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචි 28 හැව්රිදි නිරෝෂන් කුමාර නමැති පුද්ගලයකු බව පොලිසිය පවසයි .
මියගොස් ඇති තැනැත්තා පෙරදින සවස් කාලයේ සිට දක්නට නොලැබුන බව ඔහුගේ මව විසින් පැමිණිල්ලක් කර ඇත
මේ සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද පරීක්ෂණ සිදුකරන ලදී .