කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස ගබඩා කර තිබූ තඹ කම්බි රෝල් කිහිපයක් මහ දවල් හාල් උරයක බහා සොරාගෙන පලා යෑමට තැත් කළ පුද්ගලයෙක් පොලිස් මුරපොළේ පොලිස් නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගනු ලැබීය. දිවයිනේ ලියාපදිංචි වූ අපරාධකරුවකු බව පවසන සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නඩුවකට පෙනී සිටීමට පැමිණි බව පවසන සැකකරු මෙසේ උරයක තඹ කම්බි බහා බන්ධනාගාර නිලධාරීන් සැකකරුවන් ගෙනයන අතරතුර මොහුද එකී බෑගය අතැතිව ඉදිරිපස ගේට්ටුවෙන් එළියට යෑමට උත්සාහ කර ඇත.
අතැති පාර්සලය වීසිකර සැකකරු ගේට්ටුවෙන් පලා යෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් එක්ව මෙසේ අත්අඩංගුවට ගැණින.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කෙසෙල්වත්ත පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශනය සඳහා රඳවා ප්‍රශ්න කෙරේ.
සිරන්ජනි කුමාරි