හමාස් සංවිධානයේ අරමුණු ඉටුකර ගැනීමට කිසිසේත් ඉඩ නොදෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
අමෙරිකා ජනාධිපතිවරයා ජාතිය අමතමින් අද මේ බව සදහන් කළේය.
ජනාධිපතිවරයා සිය දේශනය ආරම්භ කරමින් කියා සිටියේ “අපි ඉතිහාසයේ අපගමනයකට මුහුණ දී සිටිනවා“ යනුවෙනි.
හමාස් සංවිධානය ඊශ්‍රායලට එල්ල කරන ප්‍රහාරය හෙලා දකිමින් එරට ඔහු කියා සිටියේ ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩ නොතබන බවයි.
එසේම ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින අමෙරිකානුවන් ගැන ද ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද බයිඩන් ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළේය.
රුසියානු – යුක්රේන අර්බුදය ගැනද ජෝ බයිඩන් අදහස් පළ කළ අතර ඔහු කියා සිටියේ හමාස් සංවිධානය මෙන්, රුසියානු ජනාධිපතිවරයාගේ යුක්‍රේන ආක්‍රමණයෙන් අසල්වැසි රාජ්‍යන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම රුසියානු ජනාධිපතිවරයාගේ ද අරමුණ බවයි. ජනාධිපති පුටින්ට එම යුද්ධය ජය ගැනීමට ඉඩ නොදෙන බව ඔහු අවධාරණය කර සිටියේය.
ඊශ්‍රායල හා යුක්‍රේන යුධ ගැටුම් වෙනුවෙන් ඩොලර් බිලියන ගණනක් ඇමරිකා කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටින බව බයිඩෙන් එහිදී පැවසීය.
සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමරිකාව බොහෝ දේ ඉගෙන ගත් බවත් කෝපයෙන් අන්ධ වීමෙන් වැළකී සිටින ලෙසත් ඔහු ඊශ්‍රායල නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.
ඊශ්‍රායලය තම දේශසීමාව හරහා ජලය, විදුලිය, ආහාර සහ ඉන්ධන සැපයීම අවහිර කරමින් ගාසා තීරය අත්පත් කර ගැනීමේ මෙහෙයුමක නිරත වේ.
ගැටුම් වලින් මේ වන විට ඊශ්‍රායල ජාතිකයන් 1,400 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ගාසා තීරයේ පුද්ගලයින් 3,700 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.