අමෙරිකාවේ ජනාධිපතිවරයාගේ සංචාරයේ උණුසුම මැකී යෑමටත් පෙර බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් ද ඊශ්‍රායලයේ සංචාරයකට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටෙල් අවීව් නුවරදී ඊශ්‍රායලයේ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔහු මැදපෙරදිග කලාපයේ සෙසු රටවල ද සංචාරය කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
ඊයේ ටෙල් අවීව් නුවරට සේන්දු වීමෙන් පසු බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඔක්තෝබර් 7 වැනිදා සිදු වූ හමාස් ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, බ්‍රිතාන්‍යයේ සහාය ඊශ්‍රායලයට බව අවධාරණය කර තිබේ.
ජාත්‍යන්තර යුද නීතියට අනුකූලව ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිය ජනතාවගේ ආරක්ෂාව උදෙසා පියවර ගෙන ඇතැයි තරයේම විශ්වාස කරන බවත් රිෂී සුනාක් ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා ඊශ්‍රායලයට ඇති අයිතිය ගැනත් ඔහු සඳහන් කර ඇත.
එසේ වුවද යුද්ධයෙන් පීඩාවට පත් ගාසා තීරයේ සිවිල් වැසියන්ට ආධාර සැපයීමට සහාය පළ කරන ලෙස ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.