Home » කොළඹ නීතිඥ සංගමය සමඟ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් අවබෝධතා ගිවිසුමකට

කොළඹ නීතිඥ සංගමය සමඟ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් අවබෝධතා ගිවිසුමකට

by chanaka
October 20, 2023 7:39 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සහ කොළඹ නීතිඥ සංගමය පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. කොළඹ නීතිඥ සංගමයේ සාමාජිකයන්ට මෙම නව අවබෝධතා ගිවිසුම හරහා සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් පිරිනමනු ලබන විවිධ රක්ෂණ පහසුකම් රැසක් සුවිශේෂ වට්ටම් සහිතව ලබා ගත හැකි වනු ඇත.

මෙම අවස්ථාවට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා, රුෂාන් ප්‍රනාන්දු, සුමල් ජයරංග, දිලීප රංගනාත්, කොළඹ නීතීඥ සංගමයේ සභාපති නීතීඥ සංජීව දසනායක, නීතීඥ සඳුන් නාගහවත්ත, නීතිඥ ගමාලි අමරතුංග, නීතිඥ නවීන් ශානක, නීතිඥ ප්‍රසන්න ලියනාරච්චි, නීතිඥ ළහිරු වෙල්ගම යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

“ලංකාවේ ඉතා කීර්තිමත් සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ ලංකාවේ කීර්තිමත් නීතිඥ සංගමයක් වන කොළඹ නීතිඥ සංගමය එළඹුණු මෙම අවබෝධතා ගිවිසුමත් සමඟ අපගේ සංගමයේ සාමාජිකයන්ට ප්‍රතිලාභ රැසක් අත් වෙනවා. මෙය අප දෙපාර්ශ්වයටම වැදගත් අවස්ථාවක්. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ අප එළඹුණු මෙම අවබෝධතා ගිවිසුම මඟින් ඔවුන්ට ඔවුන්ගේ රක්ෂණ සේවා අපගේ සාමාජිකයන් අතර ප්‍රචලිත කිරීමට කදිම අවස්ථාවක් උදා වෙනවා. එම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා අප දෙපාර්ශ්වයම අන්‍යොන්‍ය අවබෝධයෙන් සහ සහයෝගීතාවෙන් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා.” කොළඹ නීතිඥ සංගමයේ සභාපති සංජීව දසනායක මහතා පැවැසීය.

“ලංකාවේ ප්‍රමුඛ නීතිඥ සංගමයක් වන කොළඹ නීතිඥ සංගමයට සේවා සැපැයීමට අවස්ථාව ලැබීම ආයතනයක් ලෙස අපට විශාල ගෞරවයක්. මෙම අවබෝධතාව ඉදිරියට තව දුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට අප අපේක්ෂා කරනවා. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම වර්තමානයේදී නවතම රක්ෂණ සැළසුම් රැසක් පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරමින් රක්ෂණ ක්ෂේත්‍රයේ ශීඝ්‍ර ඉදිරි ගමනක නිරත වෙමින් සිටිනවා. එසේම අපගේ ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරමින් පාරිභෝගිකයන්ට පහසු හා කාර්යක්ෂම සේවාවක් සැපයීමට කටයුතු කරනවා” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා මහතා පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT