Home » සංශෝධිත විදුලි ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ

සංශෝධිත විදුලි ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ

by yasara
October 20, 2023 11:20 am 0 comment

විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙයි

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුව මෙලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට අවසර ලබා දී ඇත.

මෙම විදුලි ගාස්තු වැඩිවීම අද(20) සිට 2024 වසරේ ජුනි 30 වනදා තෙක් වලංගු වන බවද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර තිබෙයි

ඒ අනුව ඒකක 0 -30ක් දක්වා ස්ථාවර ගාස්තුව රු.150 සිට රු. 180 දක්වා වැඩිකර ඇත

මෙම  කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12කි.

ඒකක 31 සිට – 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට රු.360 දක්වාඉහළ දමා තිබෙයි.

එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 30ක් වෙයි

ඒකක 61ත් 90 ක් අතර රු. 400 සිට රු.480 දක්වාත්, 91ත් 120ත් අතර රු.1,000 සිට රු.1,180 දක්වාත්, ඒකක 121ත් 180ත් අතර රු.1,500 සිට රු.1,770 සහ ඒකක 180 කට වඩා වැඩි නම් රු. 2,000 සිට රු. 2,360 දක්වාත් ස්ථාවර ගාස්තු වැඩි කර තිබෙයි.

20 OCT 2023 CEB

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT