Home » පස් හැවිරිදි දරුවාට මරු කැදවූ නොරොච්චෝලේ මාරක අනතුර

පස් හැවිරිදි දරුවාට මරු කැදවූ නොරොච්චෝලේ මාරක අනතුර

by yasara
October 20, 2023 9:41 am 0 comment

පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ නොරොච්චෝල මහ පල්ලිය ඉදිරිපිට පදික මාරුවේදී යතුරු පැදියක් කැබ් රියක ගැටීමෙන් ඊයේ (20) රාත්‍රියේ සිදුවූ අනතුරකින් පැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා ඇති අතර යතුරු පැදියේ ගමන් ගත් පස් හැවිරිදි දරුවෙකු රෝහලට රැගෙන යාමේදී මිය ගොස් ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පාලකුඩාව පදිංචි ලදරු පාසැල් සිසුවෙකු වන වර්ණකුල සූරිය අරෝන් නම් දරුවෙකි.

බරපතළ තුවාල ලැබූ පැදි කරුවන රතුගමගේ ශාන් දීමන්ත ප්‍රනාන්දු (අවුරුදු 32)සහ පසු පැදිකරුවන වර්ණකුළ සූරිය ජූඩ් නිශාන්ත (අවුරුදු 36 )පුත්තලම රෝහළට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහළට මාරුකර යවා ඇත.

ඔවුන් දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.මිය ගොස් ඇත්තේ පසු පැදිකරුගේ දෙවන දරුවා ය.

කල්පිටියේ සිට පාලවිය දෙසට ධාවනවෙමින් තිබූ යුනිමෝ වර්ගයේ කැබ් රිය හා පාලවිය සිට කල්පිටිය දෙසට ධාවන වෙමින් තිබූ යතුරු පැදිය,වමෙන් ධාවන නොකර සුදු ඉර කපා අපරීක්ෂාකාරී ලෙස ධාවන කිරීමෙන් කැබ් රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බැව් නොරොච්චෝල පොලිසිය පවසයි.

කැබ්රියේ රියදුරු වේයන්ගොඩ බෝපා ගම පදිංචි කරුවකුවන අතර,රියදුරු හා කැබ් රිය පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

නොරොච්චෝල පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT