Wednesday, April 9, 2025
Home » IMF දෙවන වාරිකය මුදා හැරීමට කාර්ය මණ්ඩල එකඟතාව

IMF දෙවන වාරිකය මුදා හැරීමට කාර්ය මණ්ඩල එකඟතාව

by chanaka
October 20, 2023 9:43 am 0 comment

පළමු සමාලෝචනයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය මුදා හැරීමට කාර්ය මණ්ඩල එකඟතාව පළවී ඇත.

මෙම මුදල අමෙරිකා ඩොලර් මිලියන 330 ක් පමණවේ.

ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම දෙවන විස්තීරණය ණය පහසුකම ලබා දීමට එකඟ වී ඇත.

එම ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගැනීම සහ දුර්වලතා අවබෝධ කරගනිමින් ඊට පිළියම් යෙදීම ඇතුළු ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම මෙමගින් අපේක්ෂා කර තිබේ.

අයිඑම්එෆ් විධායක මණ්ඩලයේ අනුමැතිය මත ශ්‍රී ලංකාවට අමෙරිකා ඩොලර් මිලියන 300 ක් ලැබීමත් සමග මෙරටට මුදා හැර ඇති සම්පූර්ණ මුදල අමෙරිකා ඩොලර් මිලියන 660 දක්වා ඉහළ යනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT