Wednesday, April 23, 2025
Home » මොරටුව සරසවියේ NDT පාඨමාලා අයදුම්පත මේ ඉරිදා සිළුමිණ සමඟ ගැසට් පත්‍රයේ

මොරටුව සරසවියේ NDT පාඨමාලා අයදුම්පත මේ ඉරිදා සිළුමිණ සමඟ ගැසට් පත්‍රයේ

by sachintha
October 20, 2023 1:03 am 0 comment

මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයට ජාතික තාක්ෂණික ඩිප්ලෝමා (NDT) පාඨමාලාව සඳහා සිසුන් ඇතැළත් කර ගැනීමේ සියලු තොරතුරු ලබන ඉරිදා (22) සිළුමිණ පුවත්පත සමඟ නොමිලේ නිකුත් කරන ගැසට් පත්‍රයේ සඳහන්ව තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ එන නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ ලේකම් තනතුර සඳහා වන අයැදුම්පත හා ඊට අදාළ සියලු තොරතුරු එහි සඳහන්ව තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ ව්‍යාපාර සැලසුම්කරණය හා කම්කරු නීතිය පිළිබඳ විධායක ඩිප්ලෝමා පාඨමාලාවට ද අයැදුම්පත් කැඳවා ඇති බව ද එහි සඳහන්ය.

ඊට අමතරව නාඋල මහේස්ත්‍රාත් අධිකරණය, හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අධිකරණය, මැදවච්චිය හා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණවල බඩු බාහිරාදිය විකිණීම සඳහා වන තොරතුරු ද මෙම ගැසට් පත්‍රයට ඇතුළත්ය.

මෙම සියලු තොරතුරු ඇතුළත් ගැසට් පත්‍රය ඔක්තෝබර් 22 වැනිදා ඉරිදා සිළුමිණ පුවත්පත සමඟ නොමිලේ බෙදා හැරේ.

ඔබේ පිටපත අදම වෙන්කරවා ගන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT