සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවය අද(19) සිට සති 04 කට අත්හිටුවා තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, ස්ථාවර නියෝග අංක 77(3) ප්‍රකාරව ඔහු බරපතල විනය විරෝධී ක්‍රියාවක් කර ඇති බවයි.
අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තු සභා ගර්භයේ සෙංකෝලය තබා ඇති අවස්ථාවේ එය ස්පර්ශ කිරීම එම විනය විරෝධී ක්‍රියාව බව කථානායකවරයා පැවසීය.
පක්ෂ නායක එකඟතාව අනුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ කාලසීමාව අවසන්වූ පසුව අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රශ්නයට පිළිතුරුදීම අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු ආණ්ඩු පක්ෂය ප්‍රතික්ෂේප කළේය.
ඊට විරෝධය දක්වමින් අජිත් මාන්නප්පෙරුම මහතා අදාළ බරපතල විනය විරෝධී ක්‍රියාවේ නිරතවී තිබේ.