Wednesday, April 23, 2025
Home » පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කර මිශ්‍ර ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන්නේ සද්භාවයෙන් 

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කර මිශ්‍ර ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන්නේ සද්භාවයෙන් 

-අගමැති දිනේෂ් ගුණවර්ධන

by sachintha
October 19, 2023 1:05 am 0 comment

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස්කර මිශ්‍ර ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන්නේ සද්භාවයෙන් යුතුව බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කෙළේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කෙළේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ඇති වූ අදහස් ඉදිරිපත් කිරීම්වලදී සිය අදහස් දක්වමිනි.
තවදුරටත් අගමැතිවරයා මෙසේද පැවසීය.

පළාත් පාලන ඡන්දය තවම අවලංගු කර නැහැ. එබැවින් පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය, මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජනවරම අනුව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීම වෙනුවෙන් පවත්වන සාකච්ඡාවලට සහභාගිවන ලෙස විපක්ෂයේ පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

හෘදය සාක්ෂිය අනුව සද්භාවය යන වචනය භාවිතයේ අර්ථය භාවිත කළ යුතුයි. රට බංකොලොත්වී ඇති අවස්ථාවක පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත් කළ ද ඒ සඳහා රජයේ මුදල් නොමැති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සද්භාවයෙන් කියා සිටීයා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී පළාත් පාලන ඡන්දය අවලංගු කරන ලෙස මන්ත්‍රීවරුන් ඉල්ලා සිටිනවා. එමෙන්ම මීට පෙර පාර්ලිමේන්තු තුනක, ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් කාරක සභා තුනක වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. ඒ අනුව පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කර පළමු මැතිවරණය පැවැත් වුණා.

පළාත් සභා මැතිවරණ පනත වෙනස් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එය ඇනහිටියා. එමෙන්ම සියලුදේ දෙස සැක මතුකර දේශපාලන හෝ මෙවැනි වෙනස්කම් කළ නොහැකියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT