Monday, April 21, 2025
Home » ගර්භාශයක කලල තැන්පත් කිරීම නියාමනයට නීති

ගර්භාශයක කලල තැන්පත් කිරීම නියාමනයට නීති

by sachintha
October 19, 2023 12:03 am 0 comment

ගර්භාශයට පිටතින් සංසේචනය කළ කලල තැන්පත් කිරීමේ ප්‍රතිකාර (අයි.වී.එෆ්.) සම්බන්ධයෙන් නියාමනයක් සඳහා වන නීති සම්පාදනය කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කරන බව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තා මහතා ‘දිනමිණ’ට ඊයේ (18) පැවසීය.

මේ සම්බන්ධයෙන් මෙතෙක් නීතියක් රට තුළ ස්ථාපිත කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් නීති සම්පාදනය කළ යුත්තේ අදාළ තාක්ෂණික කමිටුවක සාකච්ඡාවකින් පසුව බවත් ඒ මහතා අවධාරණය කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ දිනයන්හි විදෙස්ගතව ඇති අතර ඒ මහතා මෙරටට පැමිණීමෙන් පසුව මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමඟ එක්ව සාකච්ඡා කර නීති සම්පාදනය කෙරෙහි අවධානය යොමු කරන බව ද ඒ මහතා පැවසුවේය.

ගර්භාශයෙන් පිටතදී සංසේචනය කළ කලලයක් ගර්භාශයේ තැන්පත් කිරීමේදී අනවශ්‍ය ප්‍රමාණයකට තැන්පත් කිරීම නුසුදුසු හා වෛද්‍ය සදාචාරයට පටහැනි දෙයක් වන බව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු පවසති.

එම නිසා මේ සම්බන්ධයෙන් කතිකාවතක් ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලය සමඟ එක්ව සිදු කළ යුතු අතර, අයි.වී.එෆ්. ප්‍රතිකාර සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ඇති ප්‍රමිතීන් සලකා බලා මෙරට නීති සම්පාදනය කළ යුතු බව වෛද්‍යවරු ප්‍රකාශ කරති.
සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT