Home » බඩෝවිට හදිසි මෙහෙයුමට පොලිස් හමුදා STF 430ක්

බඩෝවිට හදිසි මෙහෙයුමට පොලිස් හමුදා STF 430ක්

-සැකකරුවන් රැසක් අල්ලයි

by sachintha
October 19, 2023 1:09 am 0 comment

ගල්කිස්ස, දෙහිවල පොලිස් කොට්ඨාශවල පොලීසිය, හමුදාව, විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව බඩෝවිට ප්‍රදේශයේ 18 වන දින අලුයම 1.00 සිට අලුයම 6.00 දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමේදී සැක කටයුතු පුද්ගලයන් 17ක්, සැක කටයුතු ත්‍රිරෝද රථයක්, හෙරෝයින් මිලි ග්‍රෑම් 10500 ක්, අයිස් ග්‍රෑම් 6 ක්, ගංජා මිශ්‍ර මාවා මත්ද්‍රව්‍ය කිලෝ 1 1/2 ක් සමඟ පුද්ගලයන් හතර දෙනෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය. සැකකරුවන් බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 34, 36, 42, 44, අය වන බවත් පොලීසිය පැවසීය.
මේ විශේෂ මෙහෙයුමට පොලිස් නිලධාරීන් 200 ක්, හමුදා නිලධාරින් 205ක්, විශේෂ කාර්ය බළකාය නිලධාරීන් 25ක් ඒකාබද්ධව කරනු ලැබූ බව ද පොලීසිය පැවසීය.
ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය, පොලිස් අධිකාරී 1 සමන් ජයසේකර, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත්, ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමීල ගෝවින්ද, යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත නිලධාරීහූ විමර්ශන සිදු කරති.
දෙහිවල – ඩී. පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT