රුපියල් දහ හතර ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ව්‍යාපාරිකයෙකු අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු වල නිරත නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි .
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කීපයක් තුළ මෙම විදේශීය නිෂ්පාදිත මැන්චෙස්ටර් , ප්ලැන්ටියම් සහ මොන්ඩ් වර්ගයේ දුම්වැටි 14,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 72 ක් සගවා ගෙන තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
මෙම ව්‍යාපාරිකයා පොලිස් ඇප මත මුදාහැරීමට නියමිත අතර එළඹෙන 10/25 දින මෙම නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වටි තොගය ද සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .