ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා ( Maria Fernanda Garza ) මහත්මිය ශ්‍රී ලංකාවේ 05 දින නිල සංචාරයක් සදහා ඊයේ (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
මෙලෙස ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ .
ලොව පුරා ව්‍යාපාරික සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ඇති රටවල් 170 ක් නියෝජනය කරන ජාත්‍යන්තර වානිජ මණ්ඩලය , ලෝකයේ විශාලතම සහ වඩාත් බලගතුම ව්‍යාපාරික සංවිධානය වේ .
එක්සත් ජාතීන්ගේ සංවිධානය , ලෝක වෙළඳ සංවිධානය (W.T.O. ) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ( W.I.P.O. ) යන සංවිධාන නියෝජනය කරන එකම වානිජ මණ්ඩලය වේ .
එසේම මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ “තිරසර නාගරීකරණය” පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජිකාවකි.
මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ සභාපති ඇන්තනී එම්.ශනිල් ප්‍රනාන්දු , එම මණ්ඩලයේ ලේකම් හේමකුමාර ගුණසේකර , ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව කරුණාරත්න යන මහත්වරුන්ගේ ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .