Monday, April 21, 2025
Home » ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිනිය පළමු වරට ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිනිය පළමු වරට ශ්‍රී ලංකාවට

by yasara
October 19, 2023 9:41 am 0 comment

ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා ( Maria Fernanda Garza ) මහත්මිය ශ්‍රී ලංකාවේ 05 දින නිල සංචාරයක් සදහා ඊයේ (18)  පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙලෙස ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන  ප්‍රථම අවස්ථාව මෙය වේ .

ලොව පුරා ව්‍යාපාරික සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ඇති රටවල් 170 ක් නියෝජනය කරන ජාත්‍යන්තර වානිජ මණ්ඩලය , ලෝකයේ විශාලතම සහ වඩාත් බලගතුම ව්‍යාපාරික සංවිධානය වේ .

එක්සත් ජාතීන්ගේ සංවිධානය  , ලෝක වෙළඳ සංවිධානය  (W.T.O. ) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ( W.I.P.O. ) යන සංවිධාන නියෝජනය කරන එකම වානිජ මණ්ඩලය වේ .

එසේම මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ “තිරසර නාගරීකරණය” පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජිකාවකි.

මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ සභාපති ඇන්තනී එම්.ශනිල් ප්‍රනාන්දු , එම මණ්ඩලයේ ලේකම් හේමකුමාර ගුණසේකර , ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව කරුණාරත්න යන මහත්වරුන්ගේ  ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT