Home » ඉන්දියාවේ අයිරාවත් කොළඹට

ඉන්දියාවේ අයිරාවත් කොළඹට

by chanaka
October 19, 2023 9:10 am 0 comment

ඉන්දීය නාවික හමුදාවේ ශර්දුල් පන්තියේ ගොඩබෑමේ නැව් ටැංකියක්වන අයිරාවත් නෞකාව ඊයේ(18) කොළඹට ළඟා විය.

නෞකාවේ අණ දෙන නිලධාරි කොමාන්ඩර් රින්දු බාබු මහතා බටහිර නාවික ප්‍රදේශය භාර අණ දෙන නිලධාරි රියර් අද්මිරාල් ටී. එස්. කේ. පෙරේරා මහතා හමු විය.

ඉන්දියානු රජයේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය අනුව නාවික මාණ්ඩලික සහකාර ප්‍රධානි (විදේශ සහයෝගිතා) රියර් අද්මිරාල් නිර්භායි බප්නා මහතා ඊයේ නෞකාවේ පැවති උත්සවයකදී ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ වටිනා යන්ත්‍රෝපකරණ කට්ටල ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් කේ. ඩබ්. ඒ. ආර්. අයි. රණසිංහ මහතා වෙත භාර දුන්නේය.

නිසි කාලයේ දී අමතර කොටස් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රශස්ථ ‍මෙහෙයුම් කටයුතු සහතික කරනු ඇත.

ඉන්දියානු නාවික හමුදාවේ මෙම ප්‍රයත්නයන් මිත්‍රශීලි අසල්වැසියන් සමඟ සබඳතා සවිමත් කර ගනිමින් “මිත්‍රත්වයේ පාලම්” ‍ගොඩනැගීමේ මූලික පරමාර්ථය හා සමපාත වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT